![]() |
![]() |
![]() |
විදුහලේ ආදි කතෘන් ලෙස එච්. එම් . පළිඟු මැණිකේ මහත්මිය ප්‍රධාන ව. එතුමිය හා තවත් සහයකයන් කීපදෙනෙකු විසින් වත්මන් බුදුමැදුර පිටුපස ඇති “ මයිල ගස“ පාසල ඉදිකරන සීමාව ලෙස සලකුණු කර ඇත. එසේම සේනපුර තැපැල් කාර්යාලයේ සේවය කළ කුලතුංග මහතා හා සිරිවර්ධන මහතා ද, කුංචිකුලමේ බාස් උන්නැහේ හා ගලඋඩ මුතුබංඩා යන දෙපළද බොළගොඩ මහත්මියද විද්‍යාලයේ ආදී කතෘන් වෙති.
ප්‍රථමයෙන් ළමයි 10-25 දක්වා ඉගෙනීමෙහි නිරත වු අතරකාලය කෙමෙන් ගෙවී යද්දී ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් 40-60 දක්වා වැඩිවිය. ප්‍රථම ගුරුවරයා හා විදුහල්පති ලෙස සේවය කර ඇත්තේ ජේ. ඒ. ප්‍රේමරත්න මැතිදුන්ය. ස්වෙච්ඡාවෙන්ම ජේ.එම්. අතුකෝරල මහතා, එල්.පී. ධම්මිකා මහත්මිය, ඊ. පේමාවති මහත්මිය යන අය ඉගැන්වීමෙහි නිරතව ඇත. පළමුව අකුරුකරනය කළ සිසුවා වන්නේ වේදිනිගම පදිංචි හේරත්බංඩා මහතාය

