(+94) 252249990
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Narangallegama Vidyalaya

නාරංගල්ලේගම විදුහල.

කැකිරාව කලාපය

  • Register
  • Login
Narangallegama Vidyalaya

නාරංගල්ලේගම විදුහල.

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසැල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසල් ඉතිහාසය

 

ශ්‍රී ලංකාද්වීපයෙහි උතුරු මැද පළාතේ එනම් “වැව්බැදි රාජ්‍ය යැයි නාමාරෑඩ වු අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව අධ්‍යාපන කලාපයේ, ඉපලෝගම කොට්ඨාශයේ 505- ග්‍රාම නිලධාරි වසමේ සුපුතිෂ්ධත උමැප/අනු/කැකි/ඉප/නාරංගල්ලේගම විදුමෑණියන් මෙලොව ජන්ම ලාභය ලැබුවේ 1957 බිනර මස ද්වේවි සති දිනයේය.

එදා මෙලොවට ජන්මලාභය ලැබුයේ කටු කොහොලින් ගහණ ගණ රූක්ෂ වෘක්ෂලතා දිනයේ පිරුණු, අලි, කොටි,වලස්සුන් ආදීන්ලේ ක්ෂේමභූමියක්ව පැවති තිඹිරිගෙයකය. ධාතුසේන මහා නිරිදුන් ඉදිකල යෝධ ‘‘කලා වැව“ නිසා වෙන් මහා මාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ කෘෂි කර්‍මාන්තය නැංවීම, මහා ගොවි ජනපද බිහිකිරීමේ උදාර සංකල්පය යටතේ “නාරංගල්ලේගම“ ඉසුරින් සපිරිවැව් බැදි ඓතිහාසික පුරාවෘත්ත වල සනාථ වෙයි.

 

එදා මෙදා ගණ වනාන්තරය “ ගුරු ගල මූකලාන“ ලෙස නම් කර තිබුණි.විශේෂයෙන් ගවයින්ට තණකොළ කැවීමටත්, ගොවි ජනතාව තම කෘෂි උපකරණ සකසා ගැනීමට අවශ්‍ය ආම්පන්න සදහා ලී දඬු කපා ගැනීමටත් මෙම ගුරු ගල මූකලාන යොදා ගෙන ඇත. මෙම මූකලාන ආසන්නයේ  වෙහෙරගල විහාරයේ නටඹුන් මෙන්ම රම්මස්සගල මුදුනේ නාරං ගෙඩියක හැඩයට කොටා ඇති ගල් සිතුවම නැරඹීමට පැමිණි බොහෝදෙනෙක් මේ පෙදෙස කෙරෙහි ඇල්මක් ඇති කරගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස මාරසන්න, මයිලපිටිය, තෙල්දෙණිය, නයිකූඹුර, හඟුරන්කෙත, ගම්පහ, ජාඇල,මාකෙවිට, ඇල්පිටිය , දුණුවිල, තැන්නලන්ද, මාතලේ , මහනුවර ආදී මධ්‍යම හා දකුණු පලාත්වල නගරවලින් සංක්‍රමණය වී පැමිණි බොහෝ අය ගුරුගල මූකලාන එළිපෙහෙළි කොට පදිංචි විය.

මුලදී ජනශුන්‍යයව පැවති මේ ප්‍රදේශය 1948-1955 අතර කාලය වන විට ජනාකීර්ණ පූර්ණිත මිනිස් වාසස්ථානයක් වී හමාරය. මෙහි පදිංචි වුවෝ එක් වී සැමගේම සම්මුති‍යෙන් ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවා ගත්හ. එමඟින් ගම්මානයේ ප්‍රගතියට මම්මාවත්, පාසල හා ළදරු පාසල ඉඳිකර ගැනීම සිදුකර ඇත. ගමෙහි උපන් දරුවන් පාසල් යන වයස වන විට  ඈත පාසල් වලට යැවීම දුෂ්කර වු නිසා ක්‍රි.ව. 1957 සැප්තැම්බර් මස 22 දින මේ ගමෙහි වෙහෙරගල පන්සල කේන්ද්‍රකර පාසලක් ඉදිකර ඇත. එය “සමාගම් පාසල“ (ස්කෝලේ) ලෙස නම් කර තිබුණි.

ප්‍රථමයෙන් ළමයි 10-25 දක්වා ඉගෙනීමෙහි නිරත වු අතර මේ පාසලේ අධ්‍යාපනය ලැබීමට ගොඩනැගිලි පහසුකම් නොතිබු බැවින් වෙහෙරගල පන්සලේ ගස් සෙවනේ භික්ෂුන් වැඩ සිට අතහැරදමා තිබු ආවාසගෙයි බංකු සාදා අධ්‍යාපනය ලබා දුන් බව කියවේ. කාලය කෙමෙන් ගෙවී යද්දී ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් 40-60 දක්වා වැඩිවිය. ප්‍රථම ගුරුවරයා හා විදුහල්පති ලෙස සේවය කර ඇත්තේ ජේ. ඒ. ප්‍රේමරත්න මැතිදුන්ය. ස්වෙච්ඡාවෙන්ම  ජේ.එම්. අතුකෝරල මහතා, එල්.පී. ධම්මිකා මහත්මිය, ඊ. පේමාවති මහත්මිය යන අය ඉගැන්වීමෙහි නිරතව ඇත. පළමුව අකුරුකරනය කළ සිසුවා වන්නේ වේදිනිගම පදිංචි හේරත්බංඩා මහතාය. ඔහුගේ උපන් දිනය 1951-03-10 දින වන අතර පාසලට 1957-09-23 දින ඇතුළත් කරඇත. ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රම‍යෙන් 100 දක්වා 1959 වසර වන විට වර්ධනය විය. ප්‍රථම ගොඩනැගිල්ල ගම්වාසින්ගේ සහයෝගයෙන් මේ වකවානුවේ ඉඳිවිය. මෙම වර්ෂයේම රජයේ පාසලක් ලෙස රජයට පවරා ගෙන සේවය කළ ගුරුවරු රාජ්‍ය සේවයට බදවා ගෙන ඇත. පාසල ක්‍රමයෙන් දියුණු වී 1 සිට 5 දක්වා ශ්‍රේණි වර්ධනය වී  9 ශ්‍රේණිය දක්වා වර්ධනය විය.

විදුහලේ ආදි කතෘන් ලෙස එච්. එම් . පළිඟු මැණිකේ මහත්මිය ප්‍රධාන වේ. එතුමිය හා තවත් සහයකයන් කීපදෙනෙකු විසින් වත්මන් බුදුමැදුර පිටුපස ඇති “ මයිල ගස“ පාසල ඉදිකරන සීමාව ලෙස සලකුණු කර ඇත. එසේම සේනපුර තැපැල් කාර්යාලයේ සේවය කළ කුලතුංග මහතා හා සිරිවර්ධන මහතා ද, කුංචිකුලමේ බාස් උන්නැහේ හා ගලඋඩ මුතුබංඩා යන දෙපළද බොළගොඩ මහත්මියද විද්‍යාලයේ ආදී කතෘන් වෙති.  විද්‍යාලය වත්මන්

ස්ථානයේ ගොඩනගා ඇත්තේ 1962 වසරේදීය. මුලින්ම ප්‍රධාන ශාලාව ඉදිවීමත් නැවත පොල් අතු සෙවිලිකළ ශාලාවක්ද, විද්‍යාගාර ගොඩනැඟිල්ල හා ඊට සම්බන්ධ ගුරු නිවසද ඉදිකර ඇත. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති 1960 වසරේ සිට වර්ථමානය දක්වා පවත්වාගෙන යයි.

මේ දක්වා විදුහල්පතිවරු 18 දෙනෙකු සේවය කර ඇත. වර්ථමාන ශිෂ්‍ය සංඛ්‍යාව 306 ඉක්මවා ඇත. වර්ථමානයේ පුස්තකාල ගොඩනැගිල්ල හා බහුකාර්්‍ය ගොඩනැගිල්ල ඇතුලු ශාලා 7 කින් පෝෂණය වී පරිපුර්ණ තත්වයට පත්ව ඇත.

 

 

Narangallegama Vidyalaya

නාරංගල්ලේගම විදුහල.

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Narangallegama, Senapura.

: (+94)252249990

: (+94)252249990

: [email protected]

Supported By

© 2026 Narangallegama Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk